Monday, 13 May 2013


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු අතුරුදහන්.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ උදේ 10 සිට අතුරුදහන්ව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රැඳවියා වසර 15ක සිරදඬුවම් ලැබ විශේෂිත ගණයේ රැඳවියන්ගේ කුටියේ රඳවා සිට ඇත. මීට පෙර කළුතර . 

බන්ධනාගාරයේ රඳවා සිටිය දී එයින් පිටතට පැන, ගඟ හරහා පීනා ගොස් නිදහස්ව සිටියදී මොහුව බන්ධනාගාර නිළධාරීන් විසින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රැඳවියා මීට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයට ගෙනැවිත් ඇති අතර බන්ධනාගාරයෙන් පැන ගොස් ද? එසේත් නැතිනම් බන්ධනාගාරය තුළම සැඟවී සිටී ද යන්න සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර නිළධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටිති. 

No comments:

Post a Comment