Tuesday, 21 May 2013

ඔබේ ස්කයිප් ගිණුම ආරක්ෂිතද? අපෝ නෑ සේරම එළියේ……

ඔබේ ස්කයිප් ගිණුම ආරක්ෂිතද? අපෝ නෑ සේරම එළියේ…… ඔන්න මේක ටිකක් අමුතු තාලේ පෝස්ට් එකක්. මම වැඩිපුර ලියන්නේ Graphic Design වලට අදාළ දේවල් වුනත් මේක නම් හැමෝටම දැනගන්න ලියන්නම ඕන කියලා හිතුනා.. ඒත් ටිකකින් අයෙ හිතුනා මේක කිව්වොත් නරක විදියට පාවිච්චි කරන්නත් බැරි නෑ කියලා… ලිපියෙ ඉතුරු ටික ලියන්න කලින් මම ඔයාලගෙන් උදව්වක් ඉල්ලනවා ඒ තමයි මේ ලිපියට කමෙන්ට් නොදැම්මත් කමක් නෑ ඒත් මේක හැමෝටම දැනගන්න හතර අතේම Share කරන්න කියලා… දැන් මේකයි කේස් එක… මෙතන ගොඩක්ම ප්‍රශ්නේ ඇති වෙන්නේ ඉන්ටර්නෙට් කැෆේ වලින් ස්කයිප් එකට ලොග් වෙන අයට. ඔයාලා ස්කයිප් එකට ලොග් වුනාම ඔයාගේ Username එකේ නමින් Folder එකක් හැදෙනවා. මේ Folder එක ඇතුලේ තියෙනවා Data Base ෆයිල් එකක්. මේ ෆයිල් එක ගන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් ඔයාගේ ස්කයිප් අකවුන්ට් එකට ඇතුල් වෙන්න User name වත් Password වත් ඕන වෙන්නේ නෑ.. නරකම දේ තමයි අපි චැට් කරපුවා පවා බලන්න පුළුවන්. මේක ස්කයිප් එකේ අයත් දන්නවා ඒත් මේකට මොකුත් කරන්නේ නැත්තේ ඇයි කියලා නම් දන්නේ නෑ… ඔයාලගේ පරිගණකයේ ස්කයිප් ගිනුම් කීපයකින් ලොග් වෙනවා නම් මේක අත්හදා බලන්න. ඒත් මම ඉල්ලීමක් කරනවා අනුන්ගේ ස්කයිප් ගිණුම් වලට රිංගන්න එපා කියලා… ඒවා කැත වැඩනේ… මේක කියලා දෙන්නේ තමන්ගේ ආරක්ෂාවට. මේක දන්නා අය මේ ක්‍රමයට ඔයාලගේ ස්කයිප් ගිණුමට රින්ගනවත් ඇති. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි මේක කියන්නේ. ඔබන්න කී බෝඩ් එකේ Win key ඒකයි R අකුරයි… දැන් පහල තියෙන ටික කොපි කරගෙන ගිහින් Run Window එකේ Paste කරන්න. %appdata%Skype ඊට පස්සේ Enter කරන්න. දැන් එන වින්ඩෝ එකේ තියෙනවා දැනට ඔයාගේ කොම්පියුටරෙන් ලොග් වුන හැම ස්කයිප් ගිනුමකටම අදාලව ෆෝල්ඩර් එකක්.ඉතින් ඒ ෆෝල්ඩරය ඇතුලේ තියෙනවා ෆයිල් එකක්. ” Main ” කියලා තියෙන්නෙ ඒක. ඕක කොපි කරගන අපේ ස්කයිප් ගිණුමට අදාළ ෆෝල්ඩර් එකට දාන්න ඕන. එතකොට සේරම බලන්න පුළුවන්. මම ඒ ගැන වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ. ඕන කට්ටිය හොයලා බලන්න. ඔතන බොඳ කරලා තියෙන්නේ ඒ Username එකට අනුව හැදෙන Folder ටික. දැන් කියන්නම් ඕකෙන් ආරක්ෂා වෙන විදිය… Run Window එකේ %appdata%Skype කියන එක Paste කරපුවම එනවනේ ෆෝල්ඩර් එකක්… ඒකේ අපේ ස්කයිප් Username එක තියෙන ෆෝල්ඩර් එක Shift එක ඔබාගෙන Delete එක ඔබලා Delete කරලම දාන්න. ස්කයිප් අකවුන්ට් එකට ලොග් වෙන්නම බැරිද? Email, Password මොකුත්ම මතක නැද්ද? අලුත් එකක් හැදුවත් පරණ එකේ හිටපු යාලුවන්ගේ Skype Name මතක නෑනේ, මෙන්න ඒවා හොයාගන්න Trick එකක්. මේ ගමන්ම කියලා දෙන්නම් මේ ” Main ” කියන ෆයිල් එකෙන් ගන්න පුළුවන් ලොකුම ප්‍රයෝජනයක්. ගොඩක් අය තමන්ගේ කොම්පියුටරේ ස්කයිප් දාගන ඉන්නේ ඉබේම ලොග් වෙන විදියට සෙටින්ග්ස් හදලා… ඉතින් ඔකේ User name ඒකයි Password ඒකයි අමුතුවෙන් මතක තියාගන්නේ නෑ.. ඔන්න දැන් එනවා යාලුවෙක්… මිනිහ කියනවා මචං මම ටිකක් උඹේ PC එකෙන් මගේ ස්කයිප් එකට ලොග් වෙන්නද කියලා.. අපිත් ඉතින් බෑ කියන්නේ නෑනේ… යාළුවා වැඩේ කරගෙන ගියාට පස්සේ අපි අපේ ස්කයිප් එකට ලොග් වෙන්න ගියාම තමා අරූගේ පරම්පරාවම මතක් වෙන්න ගන්නේ… දැන් ඉතින් මතක නෑනේ Password එක. ඒවා මතක නෑ කියන්නේ ඉතින් අකවුන්ට් එක හදන්න දාපු Email Address මතකත් නෑ කියන එක තමා. වාසනාවට ඉතින් සමහර අයට ඕක මතක හිටි… දැන් මතක නෑ කියමුකෝ… වෙන කරන්නම දෙයක් නැති තැන කරන්නේ අලුත් අකවුන්ට් එකක් හදන එක. ඒත් අවුලක්… පරණ එකේ උන්නු එවුන්ගේ Skype Name මතක නෑනේ… හ්ම්ම්… මෙන්න මේ පොඩි Software කෑල්ලෙන් පුළුවන් වැඩේ ගොඩ දාගන්න. මෙතනින් ගිහින් බාගන්නකො ඒක. ඕක ඉන්ස්ටෝල් කරන්න ඕන නෑ.. නිකන්ම Open වෙනවා… ඊට පස්සේ අර මුලින් කියපු විදියට Run Window එකේ %appdata%Skype කියන එක ටයිප් කරලා යන්න ස්කයිප් එකේ ෆෝල්ඩර් එකට. දැන් අපිට ලොග් වෙන්න බැරි ස්කයිප් අකවුන්ට් එකේ ” Main ” කියන ෆයිල් ඒක කොපි කරගෙන ඇවිත් ඩෙස්ක්ටොප් එකට Paste කරගන්න. දැන් අර පොඩි Software කෑල්ල Open කරගන්න. ඊට පස්සේ Ctrl+O ඔබලා Open වින්ඩෝ එක ගන්න. එකෙන් අපි ඩෙස්ක්ටොප් එකට Paste කරගත්තු ” Main ” කියන ෆයිල් එක තෝරලා Ok කරන්න. දැන් ඇවිත් ඇති ඔය උඩ තියෙනවා වගේ එකක්.. අපොයි මේකෙන් කොහොමද අපේ අකවුන්ට් එකේ හිටපු කට්ටියගේ Skype Name හොයන්නේ… නේද? ඔව් ඔන්න ඔහොම හිතෙනවා හැමදේම ලගට අරන් කියලා දෙනකන් බලන ඉන්න අයට නම්… ඒත් අලුත් දෙයක් හොයන්න උත්සාහ කරන අය ඕවා අත පත ගාල බලනවා කොහොම හරි වැඩේ ගොඩ දාගන්ඩ… කමක් නෑ මම Skype Name හොයන විදියත් කියන්නම්කො… මුලින්ම පින්තුරයේ විදියට Browse Data කියන Tab එකට යන්න. ඒකෙන් Table කියන එකට Contacts තෝරන්න. දැන් එයි සේරම ටික. ඔය බොඳ කරලා තියෙන්නේ මගේ ස්කයිප් එකේ ඉන්න කස්ටිය, එව්වා පොඩි උන්ට හොඳ නෑ…

No comments:

Post a Comment